විලියම් වොලස් ගේ අසිපත

 බ්‍රේව් හාර්ට් චිත්‍ර පටයට පාදක වූ - ස්කොට්ලන්ත ජාතික වීර වරයෙක් වන විලියම් වොලස් (උලියම් උල්ලස්- පැරණි ස්කොට්ලන්ත ) ඉතාම විශාල පුත්ගලයෙකු වූ අතර , අයිතිහාසික සාදක වලට අනුව ඔහු අඩි හයයි අගල් හයක් හෝ ඊටත් වැඩි උසකින් යුතු වුනු වයස අවුරුදු තිහක පමණ ධරුණු ගති පැවතුම් ඇති ඉතාම ශක්තිමත් (යෝධයෙකු) වැනි පුත්ගලයෙක් ලෙස හැඳින්වෙයි. 

ඔහුගේ යුධ ජයග්‍රහණය වන ස්ටර්ලින් පාලම මත ඉංග්‍රීසි හමුදාව විනාශ කිරීමෙන් අනතුරුව, ඉංග්‍රීසි සේනාපති Hugh de Cressingham ගේ මළසිරුර වෙත පැමිණි  විලියම් වොලස් විසින් , මල සිරුර පසකට හරවා ..හිසේ සිට පාදාන්තය දක්වා දිගු මස් පෙත්තක් කපා ඉවත් කල අතර. පසුව ඔහු එක ලුණු දමා අවුවේ වෙලා පදම් කර, ඔහුගේ කඩුව සඳහා කොපුවක් ලෙස සකසා ගන්නා ලදී.

පහත : තවමත් ආරක්ෂිතව පවතින විලියම් වොලස් ගේ විශාල අසිපත. 

මෙය ක්ලය්මෝර්(claymore) වර්ගයේ ස්කොට්ලන්ත සම්ප්‍රදායික කඩු වර්ගයකි. සතුරන් කෑලි කැපී යන claymore බෝම්බයට නම ලැබුනේ මෙම වර්ගයේ කඩු නිසයි.






-Amith Rodrigo

Comments

Popular Posts