ඔලුව පයිතයන් වෙන දෙයක් කියන්නද ?

 

ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවෝ ඉන්දියාව ආක්රමණය කලානේ.
අතීත උතුරු ඉන්දියාවේ නැත්නම් වත්මන් ඇෆ්ගන් සහ පාකිස්තාන කලාපයේ ඔහුට කියන්නේ සිකන්දර් කාන් කියල.
කන්දහාර් කියල නගරයක් තියෙනවනේ...ඒක ඇත්තටම සිකන්දර්හාර් මේක ග්රීක බසට හැරේවුවම - ඇලෙක්සැන්ඩ්රියා
(ඇලෙක්සැන්ඩර් රජු විසින් ඔහුගේ නමින් නගර කිහිපයක්ම තැනු බව සඳහන් වෙනවා , ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියා නුවරත් මින් එකක්.)
දැන් කතාවට එන්ටර් වෙමු.
ජනවහරේ තියෙනවා , ඔහු යුදමය කටයුතු නවතා යෑමට පෙර වෙළෙන්දන් සහ ග්රීක නාවිකයන් ගෙන් අසා දැනගත් Taprobane නමැති මනස්කාන්ත දේශය බැලීමට රහසේ ග්රීක වෙළඳ නවුකාවක මෙහෙට අවා කියල.
එහෙම ආපු ඇලෙක්සැන්ඩර් ලොක්කා මෙහෙ ටික කලක් හිටිය වෙන්න බැරිද...මෙහෙ කෙල්ලෙක් එහෙම යාලු කරන් පවුල් පන්සල් වෙලා ?
ඇයි දන්නවද. මම එහෙම කියන්නේ..
දකුණු ප්රදේශවල තියෙන ඔය ස්කන්ද කුමාර කතාව නිසා .
ස්කන්ද සහ සිකන්ඩර් බොහොම ළඟ නම් නේද ?.
හත්තික්කේ...මේ ස්කන්ද කුමාර ඇලෙක්සැන්ඩර්වෙ අදිරජ්යයා වෙන්න බැරිද ?
ස්කන්ද නැත්නම් කන්ද කුමාර කතාවේ කියන්නේ කෙටියෙන්...ඉන්දියාව හිමාලේ දෙසින් ලංකාවට ආපු මහා රණශුරි රූමත් කඩවසම් කුමාරයෙක්. යුද්දයක් පිණිස පෙරදිගට ආවත් ..රූමත් වල්ලි නමැති ළඳකට බැඳී ආදරය නිසා ලංකාවේ නතර වෙනවා කියල..
බැතිමතුන්ව අරක්ෂා කරනවා, ආදරවන්තයන් රකිනවා, සියළු ලක්වැසියන්ගේ ගෝඩ් ඔෆ් වෝ , යුදයට මෙන්ම ආදරයට අදිපති. දෙවියන්ගේ රණශුරයා. සදා තරුණයි කඩවසම් / බැචේලෝර් ගෝඩ් (ඇලෙක්සැන්ඩර් උනත් හොඳ තරුණ වයසේ 32 වෙනකොට මැරුණා ...ලොජිකලි හිතුවොත් කවදාවත් වයසට ගියේ නැහැ ...)
රැගෙන ආපු වස්තුවෙන් දකුණු පළාතේ මිනිස්සුන්ට උදවු කරගෙන , මිනිසුන්ව ආරක්ෂා කරන් හිටපු නිසා..මැරුණා කියල ආරංචි වුනාම දේවත්වයෙන් අදෙහුවා වෙන්න පුළුවන්. ඔය ඕනේ තරම් දෙවිවරු ඉන්නේ ඒවගේ රාසින් දෙයියෝ, මහසෙන් දෙයියෝ වගේ...
අපේ උන් කතන්දර අතා ල නිසා ඔය ලව් ස්ටෝරි එකට අතින් පයින් කෑලි දාල - දේව කතාවක් විධිහට කාලයත් එක්ක ඉන්දියාවේ දෙවි කෑලිත් එකතු කරලා, අපේ පාරම්පරික ඇදහිලිත් එකතු කරලා කාලයත් එක්ක වර්ණවත් විධිහට කතාව වෙනස් උනා වෙන්න බැරිද.
වයිෆ්ල දෙන්නත් හරිනේ ..මෙහෙ වයිෆුයි ..ඔහුගේ අනික් ග්රීක බිසවයි.
අනික වියර්ඩ් ම සින් එක...මොනරාගේ සහ ග්රීක වරුන්ගේ සම්බන්දය....මොනරා කියන්නේ ග්රීක දේව මණ්ඩලේ රැජින වන හේරා ගේ සත්වයා . ඔව් ඔව් සියුස් වයිෆ්.
මොණර පිල්වල ඇති විවිද ඇස් , හේරා දේව රාජිනියගේ ලෝව සියළු දේ දකින සහසක් ඇස් නිරුපණය කරනවා කියලයි ග්රීක මතය. හේරා කියන්නේ...රාජකීයත්වයට , ආරක්ෂාවට , කාන්තාවන්ට සහ යහපත් පවුල් දිවියට අදිපති දේවතාවිය.
ඔන්න ඕකයි තත්වේ...
ඇලෙක්සැන්ඩර් සහ ස්කන්ද කුමාර දෙදෙනාගේම ප්රියතම අවියත් කුන්තායුදේ හැබැයි...
ඔය වගේ ට්රැක් සංසිද්දී තියෙනවා ඉතින් අනන්තවත්....හිතන්න හිතන්න මොංගල් වගේ වෙන.
කළාත්මක සිතීමක් විතරයි. හික්ස්.


By- Amith Rodrigo






Comments

  1. හෙහ්..හෙ. ඒකත් මරු කතාව.
    විය නොහැක්කක් නොමැත කියන්නැහේ... වෙන්නත් බැරි නෑ

    ReplyDelete

Post a Comment

Popular Posts