විශ්මයජනක ලෙස ලංකාවේ සෑම (ජනාකීර්ණ) පෙදෙසකටම වගේ ඇතැම් විට අහසේ දිස්වෙන අත්භූත ශ්‍රී පාද කඳු පන්තිය

 ඔබලා දන්නවා ඇතිනේ ශ්‍රී පාදස්ථානය සම්බන්ධව බොහෝම පුරාණේ සිටම නොයෙක් විශ්වාස සහ ප්‍රාතිහාර්ය ගැන අසන්නට ලැබෙන බව.


දිවා ගුහාව, අහසින් මළුවට වටෙන් මල් වර්ෂා , දේවතා එළි , අහසේ පාවී පැමිණ වන්දනා කරන රහතුන් වහන්සේලා වගේම විශ්මයජනක ලෙස වලාකුළු වලට ඉහළින් අහසේ මැවී පෙනෙන ශ්‍රී පාදස්ථානය වගේ විශ්මයජනක කතා ගොඩක් තියෙනවා.


මම මිට වසර දහයකට පමණ පෙර ගල්කිස්සේ වාසය කරනකොට ඔන්න ඔය එකක් ප්‍රාතිහාර්යයක් අත්විඳින්නට පමණක් නෙමෙයි ජංගම දුරකතනයකින් ඒක වීඩියෝ කරගන්නත් සමත් උනා.


එක වැහි බර දවසක්. දවල් වරුවේ. උදේ ඉඳන් වැහැල , වැහැල අහස අසාමාන්‍ය ලෙස පැහැදිළි වුණා, බොහොම ඈතට වෙනකන් ගස් කෝලන් ගෙවල් දොරවල් අලංකාරව පෙනෙන නිසා, මම ගෙදර දෙවැනි මහලේ සිට නැගෙන හිර පැත්ත දෙස බලාගෙන ඉන්නවා.



එතකොට මට පේනවා මගේ ඇස් මට්ටමට ටිකක් උඩින් අතින් කොළපාටට දිග වලාකුලක් වගේ. මේපාටට වලාකුළු නැහැනේ කියල මම බලනකොට තමයි මට ටිකකින් පැහැදිලි වෙන්නේ , මේ අහසේ පාවෙනවා වගේ පෙනෙන්නේ ශ්‍රී පාද කඳු පන්තිය කියල. එම කඳු පන්තිය පෙනෙන්නේ පොලවට උඩින් කිරි සුදු පාට වලාකුළු ස්තරයක් මත අහසේ පාවෙනවා වගේ. ශ්‍රී පාදස්ථානය පවා බොහොම පැහැදිලිව පෙනෙනවා.



මේක සාමාන්‍යයෙන් දැනටත් විශ්මය ජනක දසුනක් වුනත් , අතීතයේ මිනිස්සුන්ට නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක හාස්කමක් ලෙස පෙනෙන්න ඇති.


හැබැයි ඔලුව පොඩ්ඩක් වෙහෙසල ටිකක් තතු විමසල බැලුවොත් ඔයාලට මේක එතරම්ම මැජික් එකෙක් නෙමෙයි කියල පෙනෙයි.


1. ලංකාවේ පිහිටීම අනුව රට වටේ පරධාන ජනාකීර්ණ නගර ඔක්කොම වගේ තියෙන්නේ ඉතාමත්ම පැතලි බිම් තීරුවක.

එම බිම් තීරුව රට මැදට යනකොට එකපාරටම ඉතා උස කඳු බවට වෙනස් වෙනවා. එනිසා එම කඳු පන්තිය කාලගුණය පැහැදිළි නම් බොහෝ විට රට වටේටම පෙනෙනවා.


2. අනික ශ්‍රී පාදස්ථානය සිට කොළඹට ඇත්තේ කිලෝමීටර හැත්තාවක් වගේ කෙලින් දුරක්. අනික අතර මද කිසිම උස් කඳු පන්තියක් නැහැ. දර්ශන පථය වසන්නට.


3. අනික ශ්‍රී පාදස්ථානය අවට ඊට වඩා උස කඳු නොමැති නිසා එය සෑම දෙසින්ම වගේ බොහෝ ඈතකට දර්ශනය වෙනවා.






මේක එහි ස්වභාවික පිහිටීම. එකේ කිසිම මැජික් එකක් නැහැ. මැජික් එකක් තියේ නම්. ඒක තමයි වසර දහස් ගානකට පෙර සිට ස්වදේශීය ජනතාව , මෙලෙස රටේ සෑම දෙසකටම වගේ පෙනෙන කඳු පන්තිය ගැන අවදානයෙන් සිට, කිසිඳු මාර්ග සලකුණක් , ජිපිඑස් වැනි තාක්ෂණයක් හෝ අඩුම තරමේ මාලිමාවක් වත් නැතුව ..රට ඇතුලට ගමන් කර , කඳු හෙල් තරණය කර මෙම කන්ද පැහැදිලිව සොයාගෙන...එය ඔවුන්ගේ පුජනිය ස්ථාන්නයක් ලෙස විවිද ඇදහිලි කටයුතු උදෙසා යොදාගත්ත එක.


බුදුන් ලංකාවට වඩිනකොට , සමනළ කන්දේ ශ්‍රී පාදස්ථානය පිහිටුවන්න ආරාධනා කලේ අපේ මිනිස්සු. ඒක ඉන්දියාවෙන් කලින් මැප්  කරගෙන බුදු හාමුදුරුවෝ මෙහෙ අවේ නැහැ ආයුභෝවන්ඩ .


අපේ මුතුන් මිත්තන් ගේ තිබු ගහ කොළ , සතා සිවුපාව , ගස් ගල් ගැන දනුම තමයි සැබෑම අස්චර්‍ය කියල මට හිතෙනවා.





සටහන 


අමිත් රොඩ්රිගෝ 

Comments

Popular Posts