සිංහල කඩුවේ පෙනෙන විදේශ අභාෂය

සිංහල කඩුවේ පැහැදිලිව දකුණු ඉන්දියානු කඩුවල , උතුරු ඉන්දියානු (නේපාල) සහ අග්නිදිග ආසියානු (තායි, ජාවා) වැනි කඩු නිර්මාණ ශිල්ප වල අවශේෂයන් පේනවා. පුදුමය තමයි එම ජන කොටස් වලට සිංහල ජනතාවට තිබුණු බලපෑම...කඩුවක් මගින් පෙනෙන එක . 

රාජ් සෝමදේව වැනි විද්වත් මතයට අනුව යක්ෂ ගෝත්‍රික ජනතාව ලංකාවට සංක්‍රමණය වෙන්න ඇත්තේ නෙපාලේ ඉඳන් (මොකද අදටත් තමන් යක්ෂ ගෝත්‍රික ලෙස හඳුන්වාදෙන ගෝත්‍රික ජනයා නේපාලේ වෙසෙනවා ) , බොහෝ දුෂ්කර දුර්ඝ ගිරි ශිකර වල ජිවත්වන ඔවුන්ට , අපේ මුතුන්මිත්තට වගේ දරුණු ආක්‍රමණ වලට මුහුණ දෙන්න වුනේ නැති නිසා , ඔවුන්ගේ සම්ප්‍රධායන් වත්පිළිවෙත් බොහෝ දුරට වෙනස් නොවී අදටත් පවතිනවා වෙන්න පුළුවන්. නේපාලේ මේ වැසියන් ගේ නිවහන වෙන්නේ හෙලවල් , ලංකාවේ මුල් වැසියන් උන යක්ෂ හොත්රිකයන්ගේ නිවහන උනෙත් කඳු හෙල් අවට. එකනේ අපිට තවම හෙළ කියන්නේ. 





පැරණි සිංහල කැඩුවේ හැඩය 





නේපාල සම්ප්‍රදායික කුක්රි පිහිය 






සිංහලේ ජාතියට ඒ නම ලැබුණු එක ගැන සුන්දර අර්ථ කතන තුනක් මම දැකල තියෙනවා .

1. සිංහයන් දඩයම් කල නිසා /  ලානය (මරපු ) නිසා  > සිංහ-ල > සිංහල  

2. සිංහයන් ගේ ලේ ඇත්තාවූ නිසා සිංහල = සිංහ ලේ > සිංහල 

3. සිංහයන් සහ හෙළයන් එක් වූ නිසා සිං-හෙළ - සිංහල. 

අපේ රජවරු සහ පැරණි යුධ ඇඳුම් අයිතම සහ හිස් වැසුම් වල පැහැදිලිව අග්නිදිග ආසියානු සම්බහවයක් පේනවා...උල් වුනු , චයිත්‍ය කොත් වැනි හිස් ඔටුණු ඉන්දියාවට වඩා තායි , ජාවා වගේ ජනකොටස් වලට විශේෂයි. අපේ පැරණි ගල් කැටයම් වල අපේ ආයිත්තම ඇඳුම මේ තායි , ජාවා හුරුවට බොහෝ සේ සමානයි කියල මටනම් හිතෙන්නේ.





දකුණු ඉන්දියාව එක්ක තමයි අපේ පසුකාලින් දේශපාලනික සහ මානව සම්බන්ධතා වැඩි වශයෙන්ම සිද්ද උනේ.

එනිසා ඔවුන්ගේ අභාෂය නම් ආයේ අහන්න දෙයක් නැහැ.

මේ පින්තුරේ දිහා බලන්න. මේක රෝමයේ කවුතුකාගාරයක ඇති පරංගි සිතුවමක් .




ද්වන්ද සටනක නියුතු (බොහෝ විට පුහුණු වීම සඳහා හරි , අමුත්තන් වෙත ඉදිරිපත් කිරීමක් හැටියට වෙන්න ඕනේ ) සිංහල රණශුරයන් දෙදෙනෙක් මෙයින් පෙන්නුම් වෙන්නේ.

ඔවුන් ගේ අතේ ඇති කඩු යුගලය බලන්න. අපි සාමාන්‍යයෙන් දකින කඩු වලට වඩා බොහොම වෙනස්. නිකන් පැරණි රෝම ග්ලාදියස් හෙස්පනියෙන්සිස් අසිපතට සමානයි. දැන් අනික් පින්තුරේ තියෙන්නේ දකුණු ඉන්දියාවේ හමුවුණු අසිපතක්.




සමාන කම පේනවනේ ?

අනික විමලධර්මසුරිය රජතුමාගේ ඇඳුම් වල සහ මේ පැරණි ජාවා දේශයේ රජ තුමාගේ ඇඳුම් වල සහ විශේෂයෙන් ඔටුන්නේ සමානකම් පේනවද ?





ඔන්න ඔහොමයි තත්වේ. 


සටහන 


Amith Ranga Rodrigo 

Comments

Popular Posts